රයිස් එකක් කමුද

                                         රයිස් එකක් කමුද

අවශ්‍ය ද්‍රව්‍ය -

පිසගත් සම්බා බත් අවශ්‍ය පමණ
අනෙක් ද්‍රව්‍ය බත් ප්‍රමාණයට අවශ්‍ය පමණ යොදා ගන්න
කැරට්
ලීක්ස්
ගෝවා
සුදුළූණු
ඉගුරු ටිකක්
බිත්තර
ෆිෂ් සෝස්
සෝයා සෝස්
චිලි පේස්ට් (අවශ්‍ය නම්)
නෝර් කියුබ් එකක් ( රස අනුව ගන්න )
බටර්
තෙල් ටිකක්
තල තෙල් හෝ දුන් තෙල් ටිකක්
ලුණු
( හාල් 1kg එකකට එලවලු එක් වර්ගයකින් 100g බැගින්)
සාදන ක්‍රමය -
1. බිත්තර වලට ලුණු ස්වල්පයක් එක්කර, බටර් ටිකක් රත්කර එයට දමා කැබලි කර සකසා ගන්න.
2. බත සැකසීමට භාජනයක් ගෙන තෙල් ටිකක් හා බටර් ටිකක් දමා රත්කර එයට ඉගුරු, සුදුළූණු දමා බැදෙන්නට හරින්න.
3. ටිකකින් එයට කැරට් එක්කර ටික වේලාවක් පිසගන්න.
4. සුළු වේලාවකින් එයට ලීක්ස්, ගෝවා මිශ්‍රකර ඉහත සාදා ගත් බිත්තර එක්කර ගන්න.
5. එයට සෝස් වර්ග රස අනුව එක්කර ගන්න. රස වැඩියෙන් හෝ අඩුවෙන් කැමති ලෙස (රසකාරක එකතු කිරීම අත්‍යවශ්‍ය නොවේ)
6. සුප් කැටයද කුඩුකර හොදින් මිශ්‍රකර ගන්න.
(සුප් කැට දීර්ග කාලයක් භාවිතා කිරීම ශරීරයට හානි කර වේ)
7. චිලි පේස්ට් එක්කර ගන්න.
8. එයට බත් මිශ්‍රකර, රස අනුව ලුණු එක්කර ගන්න.
9. අවසානයේ තල තෙල් හෝ දුන් තෙල් ටිකක් මිශ්‍රකර ගන්න.
10. පසුව කැමති ව්‍යංජනක් සමග පිලිගන්වන්න
11. මෙයට සලාදයක්/ බැඳගත් මස් හා ඉස්ම හොද්දක් එකතුකරගන්න

Post a Comment

0 Comments