දැන්නම් ආප්පයක් කන්නම ඕන
සහල් පිටි හෝ ආප්ප පිටි400g ක්
යීස්ට් 3g ක්
පොල් ගෙඩියක වතුර
සීනි 20g ක්
ජලය 200ml ක් පමන
පොල් කිරි මිටි කිරි අඩු කෝප්ප 2ක් පමණ
යීස්ට් 3g ක්
පොල් ගෙඩියක වතුර
සීනි 20g ක්
ජලය 200ml ක් පමන
පොල් කිරි මිටි කිරි අඩු කෝප්ප 2ක් පමණ
මුලින්ම ආප්ප පිට් හෝ සහල් පිටි, යීස්ට්, සීනි සහ පොල් වතුර එකට කලවම් කර ගන්න. මෙය එක නුලට වැක්කෙරෙන වනසේ හොදින් අනාගන්න. අවශ්‍ය නම් ජලය මදක් එක්ක කරන්න.(මෙය තරමක් උකු විය යුතුයි)
මෙම මිශ්‍රණය පිපීමට පැය 3ක්-4ක් පමන වසා තබන්න.
හොද මිටි කිරි අඩු කොප්ප දෙක පිපුණාට පසු මෙයට එකතු කරන්න. ඉන් පසු හොදින් කලවම් කරගන්න
ආප්ප පිසීම සදහා ගෙදර චාච්ච්යක් භාවිතා කරන්නේනම් තෙල් ටිකක් ගා ලිප තබාගන්න මෙය කිහිපවතාවක් කිරීමෙන් ගැලවීමට පහසු වේ නැතිනම් නන් ස්ටික් තාච්චියක් ගන්න. ලිප තබා රත් වූ පසුව තෙල් ස්වල්පයකින් පිසදා ගන්න. පිටි මිශ්‍රණය පොල්කටු හැන්දක් පමන එක්කර වටේ කරකවා ගන්න. ලිප තබා මද ගින්නේ පුච්චා ගන්න.(මැද තැම්බීම සදහා උඩින් පියනකින් වසන්න)
බිත්තර ආප්ප සදා ගන්නා විට ඉහත පරිදිම බිත්තර මැදට දමා ගම්බිරිස් කුඩු හා ලුණු ස්වල්පයක් දමා පෙරට වඩා මදගින්නේ පිසගන්න. එවිට බිත්තර ආප්ප ඉක්මනින් සාදා ගත හැකිය
ආහාරයට ගැනීමේදි ලුණු මිරිස් හෝ මිරිස් හොද්දක් සාදාගන්න
ආහාරයට ගැනීමේදි ලුණු මිරිස් හෝ මිරිස් හොද්දක් සාදාගන්න
( සැලකිය යුතුයි : ආප්ප සෑදීමේදි කඩේ හැඩයට ගැනීමට තරමක් අපහසුය )




0 Comments