කොස්ඇට කළුපොල් මාලුව

🎀කොස්ඇට කළුපොල් මාලුව🎀
අවශ්ය ද්රව්
කොස් ඇට ග්රෑම් 500 යි 
ගම්බිරිස් තේ හැඳි එකයි
මිරිස් කුඩු තේ හැදි තුනක්
තුන පහ කුඩු තේ හැදි දෙකයි
කහ
හාල් ට්කක්
පොල් මිටක්
පොල්කිරි
ලුණු
සුදු ළූණු බික් තුනක්
රම්පේ කැබැල්ලක්
කරපිංචා කිනිත්තක්
සියඹලා ටිකක්
සාදන ආකාරය
* කොස් ඇට සෝදා ලුණු ස්වල්පයක් එකතු කර පොතු පුපුරන තුරු තම්බා ගන්න
* දැන් තාච්චියක් ගෙන එයට හාල් හා පොල් ස්වල්පයක් දමා රන්වන් පාට වනතුරු බැද ගන්න
* බැදගත් හාල් පොල් වලට සුදු ලූනු ගම්බිරිස් එකතුකොට සිහින් වෙන්න අඹරා ගන්න
* ඉන්පසු අඹරා ගත් සියල්ල පොල් කිරි වලට මිශ්ර කර එයට කොස් ඇට, ම්රිස් කුඩු ,තුන පහ රම්පෙ, කරපිංචා,සියබලා , ලුණු දමා හොඳින් කලවම් කර ළිපේ තබා ඉස්ම හිදෙන තුරු පිසගන්න

Post a Comment

0 Comments