ගෙදර ගහෙන් කඩල අඹ වෑංජනයක් හදමු

                             ගෙදර ගහෙන් කඩල අඹ වෑංජනයක් හදමු

අවශ්‍ය ද්‍රව්‍ය


අමු අඹ හෝ පැහුනු අඹ් ගෙඩි අවශ්‍ය ප්‍රමාණය 
(අඹ ගෙඩි 5 හෝ 6කට අමුද්‍රව්‍ය )
අබ ඇට මේ.හැ1 1/2
මිරිස් කුඩු මේ.හැ 3
කහ කුඩු මේ.හැ 2
තුනපහ කුඩු මේ.හැ 3
කපාගත් ලූනු (රතුලුනු හෝ රටලූනු)
අමු මිරිස් කරල් 1-2 කපාගත්
කරදමුංගු - කුඩුකරගත් 3
සුදු ලූනු
ඉගුරු
කුරුදු පොතු
සීනි මේ.හැ 1
පොල්කිරි අඩුකෝප්ප1 හෝ 2/1 ක්
තෙල්
ලුනු ගම්මිරිස් රස අනුව
කරපිංචා
රම්පෙ හෝ සේර
සාදන ආකාරය
* භාජනයක් ලිප තබා තෙල් ටිකක් දමා රත් වෙන්න තබන්න.
* තෙල් වලට අබ ඇට දමා පුපුරන් විට ගින්දර අඩුකර කහ, මිරිස්, තුනපහ එක්කර ටිකවේලාවක් පමන බැදෙන්නට හරින්න.
* ඉන්පසු එයට ලූනු, අමු මිරිස්, සුදු ලූනු , කරපිංචා. කරාබු නැටි, ඉගුරු, කරදමුංගු, රම්පෙ,කුරුදු එක්කරන්න.
* ටික වේලාවකින් අඹ එයට එක්කරන්න.
( අවශ්‍යනම් අඹ කලින් හතරට පහට කපා තම්බා ගත හැකි )
* ලුනු රස අනුව එක්කරගන්න අඹ තම්බා ගත්තෙනම් ව් 25ක් හා අමුවෙන් නම් ව්35 පමන සාමානය ගින්දරින් වසා පිස ගෙන පොල්කිරි හා සීනි එයට එක්කර තවත් ටික වෙලාවක් තබා ආහාරයට ගන්න

Post a Comment

0 Comments