ලේසියෙන්ම පිට්ටු හදාගමු
අවශ්‍ය අමුද්‍රව්‍ය :
හාල් පිටි ග්‍රෑම් 250 ක්
ගාගත් පොල් බෑයක් පමන
ලුණු ස්වල්පයක්
වතුර කෝප්ප එක හමාරක්
ගාගත් පොල් බෑයක් පමන
ලුණු ස්වල්පයක්
වතුර කෝප්ප එක හමාරක්
සාදන ආකාරය :
01. පොල් සහ හාල් පිටි භාජනයකට දමා හොඳින් කලවම් කර ගන්න
02. අවශ්‍ය ප්‍රමාණයට ලුණු ස්වල්පයක් එකතු කරන්න
03. වතුර එකතු කර අතේ නොඇලෙන සේ කුඩා කොටස් වලට වෙන් වන විදිහට අනාගන්න
03. දැන් පොල් පිට්ටු මිශ්‍රණය පිළියෙළ කරලා අවසන් නිසා පිට්ටු බම්බුව හොඳින් රත් කරගන්න
04. පිළියෙළ කරගත්ත මිශ්‍රණය පිට්ටු බම්බුව තුළට දමා විනාඩි 10ක් පමණ තැම්බෙන්න දමන්න (පිට්ටු බමබුවක් නොමැති නම් ස්ටීමරයක් වුණත් මේ වෙනුවෙන් ඔයාට භාවිත කරන්න පුළුවන්,පිලියෙල කරගත් පිට්ටු ස්ටීමර උඩ නිකන් දමන්න)
පිට්ටු මුලික වශයෙන් උදැසන ආහාරයක් ලෙස පපඩම්, කෙසෙල්, මාළු කරි, අඹ, චිකන් කරි සහ කඩල කරි සමග මේසයට පිරිනන්වයි. කේරල ප්‍රාන්තයේ සමහර ප්‍රදේශ වල කලු කෝපි සමගද, තමිල්නාඩුවේ පොල් කිරි,පොල් හා තල් හකුරු සමග ද, ශ්‍රි ලංකාවේ දී පොල් කිරි, මාළු හෝ මස් කරි සහ සම්බෝල සමග මේසයට පිරිනන්වනු ලබයි.
(ලංකාවේ වඩාත් ප්‍රචලිත පොල්කිරි සමග ලුනුමිරිස් හෝ සීනි කලවම් කර ආහාරයට ගැනීමයි)




0 Comments