නාරං කැවුම්

නාරං කැවුම්


නාරං කැවුම්

අවශ්‍ය ද්‍රව්‍ය

පිටි 500g
ලොකු පොල් ගෙඩි 1
සීනි ග්‍රෑම් 500g
(හැකි නම් පොල්පැනි හෝ කිතුල් පැණි ග්න්න)
කරාබුනැටි 
කරදමුංගු කුඩු
කහ
බිත්තර 2
පොල් තෙල් බෝතල් 1

සාදන ආකාරය 

* පිටි ටික පෙනේරයකින් හලාගෙන භාජනයකට දමන්න. 
* පොල් ගෙඩිය හීනියට ගාගන්න.
* පොල් ටිකක් ඉතුරු කර ඉතුරු පොල් හා පිටි භාජනයකට දමා හොඳින් අතින් මිශ්‍ර කර ගන්න. විනාඩි 5 ක්‌ පමණ පදම් කර පිට්ටු සකස් කරගන්නා ලෙස සකස් කරගන්න. 
* පෙර ඉතුරුකරගන්නා ලද පොල් මිටක් හෝ දෙකක් මලවාගන්න
* දැන් සිනි හෝ තිබේනම් පැණි ජාතියක් දමා උනුකරගන්න
* අතේ ඇලෙන පදමට ආපසු පිට්ටු ටික හා මලවාගත් පොල් ටික,එනසාල්,කරාබුනැටි පැණි එකට දමා හොදින් කලවම් කරගන්න 
* ඉන්පසු මෙම පිටිවලින් දොඹ ගෙඩියක්‌ තරමට බෝල සාදා අතින් හොඳට පදම් කර ගන්න. 
* දැන් සියල්ලම මේ විදියට සාදා බන්දේසියක එකපිට එක නොසිටින සේ තබා ගන්න.
* පසුව පිටි සහ බිත්තර,කහ ටිකක් දමා නාරං කැවුම් දවටනය සාදාගන්න
* තාච්ච්යක් ලිප තබා තෙල් බෝතලයම එයට දමා තෙල් නටවා ගන්න. 
* පසුව එයට නාරං කැවුම් ඉහත දවටනයේ දමා දමන්න. විනාඩි 2 ක්‌ ගිය පසු මේවා දෙපැත්ත පෙරලා කලවම් කරගන්න. 
* රන්වන් පාට වන විට තෙලෙන් බාගන්න. සියල්ලම මේ විදියට බැදගන්න. මෙය හොඳ රසවත් කෑමකි. සති දෙකක්‌ පමණ තබා ගත හැකියි.

( මෙය ඔබට නිවසේදී සාදාගත හැකි පහසු recipe එකකි නාරං කැවුම් මීට වෙනස් ආකාරයෙන් සාදනු ලැබේ )

Post a Comment

0 Comments