පොල්කේක්
රසම රස පොල්කේක් හදමු
අවශ්‍ය ද්‍රව්‍ය
පොල් 170 g
සීනි 150g
රැලන් 100 (කබලෙ බැද)
පාන් පිටි 100g
හකුරැ පලු 2(පොඩි)
වැනිලා තේ හැදි 2
රට ඉදි කප් 1 (කැබලි කපාගත්)
කජු කප් 1
මුදුරස් පලම් කප් 1
බිත්තර 3
ලුණු තේ හැදි කාලක්
බේකින් පවුඩර් තේ හැදි 2
බටර් මේස හැදි 4
එනසාල් කුඩු තේ හැදි 2
සුදුරැ තේ හැදි2
සාදන ආකාරය
සීනි 50 දාලා කැරමල් කරගන්න. දැන් සීනි ඉතුරැ ටික දාලා වතුර බොහොම. ස්වල්පයක් දාලා පැණි උතුරවන්න.ගාගත් හකුරැත් එක්කරන්න්.දැන් පොල් ටික දාලා පැණි පොල් හදාගෙන නිවෙන්න තියන්න.
දැන් බටර් ,බිත්තර කහමද හොදින් බීට් කරන්න.ඵයට බේකින් පවුඩර් එක්කළ පිටි ,රැලන් එක් කොට මදක් බීට් කරන්න.දැන් පොල් පැණි ඵක්කරන්න.රටඉදි ,කජු ,ප්ලම්ස් එක් කොට මදක් බීට් කරන්න.සුදු මද වෙනම බීට් කොට එකතු කරන්න.වැනිලා එක්කරන්න.ලුණු එක්කරන්න.එනසාල් ,සූදුරැ එක්කරන්න
කළින් රත් කළ අවන් එකේ 200 c' විනාඩි 30 බේක් කරගන්න
.
0 Comments