කටට රසට ලැවරියා හදමු

ලැවරියා

කටට රසට ලැවරියා හදමු

අවශ්‍ය ද්‍රව්‍ය 

ගාගත් පොල් කෝප්ප එකයි
හකුරු කෝප්ප 3/4 (ඔබේ රස අනුව අඩු වැඩි විය හැක)
කරද මුංගු තේ හැදි 1/8
ලුණු කුඩු
කෙසෙල් කොළයක් හෝ oil paper 02

සාදන ආකාරය:

භාජනයක් ලිප තබා එයට හකුරු එක්කර ගන්න.ජලය ස්වල්පයක්ද එක් කරන්න.මද ගින්නේ හකුරු දිය වෙන්නට හරින්න.
සම්පූර්ණයෙන් හකුරු දිය වුවාට පසු කරද මුංගු සහ ලුණු කුඩු එකතුකර හැදිගාන්න.
ඉන්පසු ගාගත් පොල් එකතුකර නොනවත්වා හැඳි ගාන්න.
මෙසේ හැඳිගාමින් මිනිත්තු දහයක් පමණ යනවිට හකුරු සියල්ලම පොල් සමග මිශ්‍ර වී ඇති බව ඔබට පෙනෙනවා. එහි වර්ණය ද තද දුඹුරු පැහැයක් ගන්නවා.
පැණි පොල් හදා ගන්නා අතරතුර ඔබ ඉඳිආප්ප මිශ්‍රණයද සාදාගන්න.
කෙසෙල් කොළයක් හෝ තෙල් කඩදාසියක් මතට ඉදිආප්ප වංගෙඩියක් ආධාරයෙන් ටිකක් ප්‍රමාණයෙන් විශාලව රවුම් හැඩයට ඉදිආප්ප වක්කරන්න.
ඉදිආප්ප මැදට පැණිපොල් තබා එක පිට එක වැටෙන සේ ඉඳිආප්ප ය දෙකට නවා ගන්න. වටය දාරය ඇඟිල්ලෙන් ටිකක් තද කරන්න.
ඉන් පසු ඉදිආප්ප තට්ටුවක තබා විනාඩි 10-15 තම්බා ගන්න.
උදෑසන ආහාර වේලකට හෝ තේ වේලාවක දී රස බැලිය හැකි කදිම ආහාරයකි.

Post a Comment

0 Comments