වැලිතලප හදන රහස

වැලිතලප

වැලිතලප හදන රහස

(වෙනත් ක්‍රම )

අවශ්‍ය ද්‍රව්‍ය 

සුදු හාල් පිටි 2kg
* සුදු සීනි 1.8kg (මෙහේ රතු සීනි පැනි රස අඩුයි ඒකයි 
සුදු සීනි ගත්තේ රතු සීනි ගන්නත් පුළුවන්)
* ඩෙසිකේටඩ් පොල් 1 kg (පැකට් දෙකහ මාරයි) * උකු පොල් කිරි කෝප්පයක් 
* එනසාල් ඇට ස්වල්පයක් ( කුඩු කරගත්)
* ලුනු ස්වල්පයක් 
* පිට්ටු සෑදිමට ලුනු කවලම් කරපු වතුර( වතුර කෝප්ප 2කට ලුනු හැන්දක් වගේ

සාදන ආකාරය 

මුලින්ම පොල් ටිකට උනු වතුර ටිකක් දාලා විනාඩි දෙක තුනක් තියාගන්නවා පොල් ටික පෙගෙන්න (වතුර කෝප්පයක් විතර) පොල් ගෙඩි දානවනම් දෙකක් දාන්න පොල් කිරි අවශ්‍ය නැහැ අපිට පොල් නැති හින්දයි පොල් පැකට් දැම්මේ කිරි රස අඩු නිසයි පොල් කිරි දැම්මේ 

* ලොකු භාජනයකට පිටි ටික ඔක්කොම දාලා පොල් ටිකත් දාලා හොදට කවලම් කර ගන්නවා 

* දැන් පොඩි බේසමක් අරගෙන ඒකට පිටි පොඩ්ඩක් දාලා ලුනු කවලම් කරපු වතුර පොඩ්ඩ පොඩ්ඩ ඉසගෙන එකම පැත්තට කවලම් කර කර කැට කර ගන්න ඕනේ වැලිතලප හදනකොට අමාරුම කොටස මේ ටික මේ වැඩේට නම් පැය 2 කට වැඩි කාලයක් යනවා බොහොම ඉවසීමෙන් හෙමිහිට කැට කරන්න ඕනේ ‍පොඩි කැට වෙන්නත් ඕනේ

* ඒ විදිහට ඔක්කොම පිටි කැට කරගෙන පිට්ටුව හදා ගන්න ඕනේ ස්ටීමර් එකේ තම්බ ගන්න පුළුවන් විනාඩි 30 ක් වගේ යද්දි තැම්බෙනවා මම ගොඩක් නිසා දෙපාරකට තම්බ ගත්තේ

*තැම්බුනාට පස්සේ භාජනයට දාලා හොදින් කැට පොඩි කරගෙන නිවෙන්න තියන්න ඒක නිවෙන අතරේ පැනි ටික හදා ගන්න

*භාජනයක් ලිපේ තියලා ඒකට සීනි 200g ක් විතර දාලා හැන්දකින් කවලම් කර කර සීනි කලු කර ගන්න ඕනේ සීනි උතුරලා දුබුරු පාට පෙන වගේ එනකොට වතුර කෝප්ප 3ක් 4 ක් වගේ දාන්න දැන් ඉතුරු සීනි ඔක්කොමත්, පොල් කිරි කෝප්පයත්, එනසාල් ටිකත්, ලුනු හැන්දත් ඔක්කොම දාලා පැනි එක උතුරව ගන්න(හැන්දෙන් දිගටම හැදි ගාන්න)

* දැන් පැනි එකේ පදම හරිද බලන්න ඕනේ (පැනි ටිකක් හැන්දකට අරන් උඩ ඉදන් වක් කරද්දි නූල වගේ වැටෙනවනම් පදම හරි) දැන් පිට්ටු ටික ටික දාලා කවලම් කර ගන්න පැනි මදි වෙන්නේ නැති වෙන්න හදා ගන්න වැඩි උනාට ප්‍රශ්නයක් නැහැ ගුලියක් වගේ වෙනකම් හැදි ගාන්න 

* ඉන් පස්සේ ඉක්මනින් ලෑල්ලට දාලා තුනී කර ගන්න ටිකක් නිවීගෙන එද්දි කෑලි කපන්න ( ඉරි විතරක් අදින්න) හොදටම නිවුනට පස්සේ කෑලි වෙන් කරන්න එතකොට හරිම පහසුවෙන් ලස්සනට කෑලි ටික වෙන් කර ගන්න පුළුවන්

Post a Comment

0 Comments