වරදින් නැතුව කිරිටොපි හදමු

කිරිටොෆි

වරදින් නැතුව කිරිටොපි හදමු

අවශ්‍ය ද්‍රව්‍ය :-

කිරි ටින් 1
සිනි ග්‍රෑම් 500
වතුර කෝප්ප 1
අමන්ඩ් හෝ වැනිලා ස්ප්‍රිතු ස්වල්පයක්
අවශ්‍යනම් කජු මද සවල්පයක්

සාදන ක්‍රමය:-

සිනි හා වතුර භාජනයකට දමා සීනි දිය වන තුරු උණු කර ගින්න මදක් අඩු කර ටින් කිරි වත්කර හැදී ගාන්න.මද ගින්නේ මිශ්‍රණය හැදී ගාමින් හොදින් උකු පදම ලැබූ පසු ලිපෙන් බා වැනිලා ස්වල්පයක් යොදන්න.තෙමා පිළියෙළ කරගත් පැතලි බන්දෙසියකට මෙම මිශ්‍රණය වත්කරන්න.මදක් වියළි ගිය පසු කපන කැබලි වල ප්‍රමාණය ලකුණු කරන්න.සම්පුර්ණයෙන් නිවුණු පසු කැබලි වලට කැපිය යුතුය.අවශ්‍ය නම් කජු මද කබලේ යාන්තමට බැද කුඩා කැබලි වලට කපා මිශ්‍රණය ලිපෙන් බෑමට පෙර කලවම් කර ගත හැකිය.

Post a Comment

0 Comments