අවශ්‍ය ද්‍රව්‍ය
තිබ්බටු ග්‍රෑම් 500
සිහින්ව කපා ගත් පොල් (බැද ගත් පොල්)
කොචි කරල් 3ක් 4ක්
ලුණු අවශ්‍ය පදමට
කහ ස්වල්පයක්
වියළි මිරිස් කැබැලි කිහිපයක්
බී ලූනු ගෙඩියක්
තෙල් ස්වල්පයක්
රම්පෙ
කරපිංචා
අබ ඇට
සාදා ගන්නා ආකාරය
* පළමුව තිබ්බටු තලාගෙන හොඳින් සෝදා ඇට ඉවත් කර ගන්න.
*පසුව කහ සහ ලුණු මිශ්‍ර කර අවශ්‍ය පමණට වතුර ස්වල්පයක් එකතු කර තිබ්බටු ප්‍රමාණය | තම්බා ගන්න.
*අනතුරුව පොල්, කොච්චි, බී ලූනු, එකට දමා කොටා එම පොල් මිශ්‍රණය තිබ්බටුවලට දමා හොඳින් කුරු ගා කලවම් කර ගන්න. තිබ්බටු ප්‍රමාණය තැම්බුණු පසුව මිශ්‍රණය ලිපෙන් ඉවත් කරන්න.
*පසුව බඳුනක් ගෙන ළිප තබා (අඩු ගින්දරේ) තබා තෙල් ප්‍රමාණය තෙල් මේස හැඳි 2ක් 3ක් දමා හොදින් රත් කර ගන්න. තෙල් රත් වූ පසුව එයට අබ ප්‍රමාණය එක් කරන්න. අබ පුපුරන විට කපා ගත් රම්පේ කරපිංචා, බී ලුනු සහ වියළි මිරිස් කැබැලි ද එයට දමා රන්වන් පැහැ වන තුරු බැද ගන්න. අවසානයේ තිබ්බටු මැල්ලුම එයට එකතු කර බැදගත් හාල්මැස්සන් ද එකතු කර රස බලන්න.


0 Comments